ගමනාගමන මණ්ඩලයේ සියලුම බස්රථ අද දිනයේ ධාවනය කරවීමට කටයුතු යොදා ඇති බව එහි සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළා.
කෙසේ වෙතත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.
මේ අතර දුම්රිය වෘත්තීය සමිති සංධානයේ සම කැඳවුම්කරු එස්.පී. විතානගේ මහතා සඳහන් කළේ තම සන්ධානය දුම්රිය ධාවනයෙන් ඉවත්ව ඇති බවයි.
අද දින ක්‍රියාත්මක හර්තාල් ව්‍යාපාරයත් සමඟ පාසල් ළමුන් ප්‍රවාහනයෙන් ඉවත් වීමට සමස්ත ලංකා අන්තර් දිස්ති‍්‍රක් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය තීරණය කර තිබෙනවා.
පත්විය හැකි අපහසුතා හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල දරුවන්ට පාසල් පැමිණීමෙන් වළකින ලෙස ගුරුවරුන් දන්වා ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර බොරැල්ල ප්‍රදේශයේදී ප්‍රධාන විරෝධතාව සංවිධාන කර ඇති බව වෘත්තීය සමිති නියෝජිත මහින්ද ජයසිංහ මහතා සඳහන් කළා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්