පුරාවිද්‍යා උරුමයන් ආරක්ෂා කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද පුරාවිද්‍යා උපදේශක කමිටුවක් පත් පත්කර තිබේ.
පුරාවිද්‍යා කටයුතු සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයාට උපදෙස් ලබාදීම, විශේෂ ව්‍යාපෘති සඳහා උපදෙස් ලබාගැනීම, ප්‍රතිපත්ති සම්පාදනය, පුරාවිද්‍යා ස්ථාන නිරීක්‍ෂණය සහ සංවර්ධන කටයුතු ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය සහය ලබාගැනීම උපදේශක කමිටුව විසින් සිදුකරනු ලබයි.
ඊට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (29) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා අතින් සිදුකෙරිණි.
පත්කරන ලද උපදේශක කමිටුව
01.පොලොන්නරුව සොළොස්මස්ථාන රජමහා විහාරාධිපති මහා විහාර වංශික ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක ශාස්ත්‍රපති පූජ්‍ය වෙඬරුවේ ධර්ම කිර්ති ශ්‍රී රතනපාල උපාලි නා හිමි.
02. දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය මැටරඹ හේමරතන නා හිමි.
03. අනුරාධපුරය රුවන්වැලි සෑ විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමි.
04.පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි.
05.පූජ්‍ය ඇලිකේවෙල සීලානන්ද නා හිමි.
06.අස්ගිරි පාර්ශවයේ බෙලිගල් කෝරළයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය යටිගල්ඔළුවේ විමලරතන නා හිමි.
07.සෝමාවතී රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නා හිමි.
08.මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි.
09.ආචාර්ය පූජ්‍ය මාදුරුඔයේ ධම්මිස්සර හිමි.
10.හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ශිරාන් දැරණියගල.
11.පුරාවිද්‍යා මහාචාර්ය ටී.ජී.කුලතුංග.
12.ආචාර්ය ගාමිණී විජේසූරිය.
13.ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිමල් ද සිල්වා.
14.විද්‍යාජෝති ඉංජිනේරු ගැමුණු සිල්වා.
15.ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග.
16.වාස්තු විද්‍යාඥ ඈෂ්ලි ද වෝෂ්.
17.ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.
18.ඩබ්.එම්.එස්.වීරසේකර.
19.සිරිනිමල් ලද්දුසිංහ.
20.මහාචාර්ය මුනිදාස පත්මසිරි රණවීර.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්