ඇමෙරිකාවේ ප්‍රාන්ත පුවත් නාළිකාවක පුවත් විකාශය අතරතුරේ අත්වැරදීමකින් අසැබි දසුන් පෙළක් තිරයේ දිස්වීමත් සමඟ ආන්දෝලනයක් නිර්මාණය වී ඇත.
මෙම අසැබි දසුන් තිරයේ දිස්වන්න වූයේ කාලගුණ පුවත් වාර්තාකාරිනිය වන මිෂෙල් බෝස් දවසේ කාලගුණ තත්ත්වය ඉදිරිපත් කිරීමේදී ඊට අදාල ඡායාරූප ලෙසය.
තත්ත්පර 13 ක් තිස්සේ අසැබි දසුන් දිස්වන්න වූ බවත් නරඹන්නන් දැඩි ලෙස අපහසුතාවට පත්ව, නාළිකාවට දොස් නගන්න වූ බවත් ඇමෙරිකන් පුවත් සේවා පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශණයක් ආරම්භ කර ඇතැයි ද පැවැසෙයි. සිදුවුණු දේ සම්බන්ධයෙන් පුවත් නාළිකාව ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා ඇති අතර, මින් ඉදිරියට මීට වඩා වගකීමෙන් යුතුව කටයුතු කරන බව ද නරඹන්නන්ට දන්වා ඇත.
More Stories
ගෝලීය සයිබර් ආරක්ෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සහ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ ජාත්‍යන්තර වරෙන්තුවට තුර්කියේ සහාය
චීන ජනපතිගේ ලතින් ඇමරිකානු සංචාරය පිළිබඳ චීන විදේශ අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක්