චීනය ‘පුළුල් බ්‍රික්ස් සහයෝගිතාවය’ තවදුරටත් සහතික කරයි.
චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා අද(21) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී නුදුරේදී ම පැවැත්වීමට නියමිත බ්‍රික්ස් නායකයින්ගේ 16 වන සමුළුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් මේ බව පැවසීය.
මෙවර සමුළුව බ්‍රික්ස් සාමාජික රටවල් පුළුල් කිරීමෙන් පසු පැවැත්වෙන ප්‍රථම සමුළුව බව ඔහු එහිදී සඳහන් කළේය. බ්‍රික්ස් සංවිධානය ස්ථාපිත කිරීමෙන් පසු බහුපාර්ශ්වවාදය ආරක්ෂා කර ජාත්‍යන්තර කටයුතු වෙනුවෙන් සක්‍රීය, ස්ථාවර හා හිතකර පිටුබලයක් ලබා දී ඇත. විවිධ පාර්ශ්වයන් සමග එක්ව, ‘පුළුල් බ්‍රික්ස් සහයෝගිතාවය’ තවදුරටත් ඉහළ මට්ටමකට රැගෙන ‘ගෝලීය දකුණේ රටවල’ ස්වශක්තිය හා එක්සත්භාවය තහවුරු කිරීමට චීනය අපේක්ෂා කරයි. එමගින් ලෝක සාමය හා සංවර්ධනය සහතික කිරීමට ද චීනය සූදානම් බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා වැඩිදුරටක් ප්‍රකාශ කර ඇත.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි