පෙබරවාරි මාසයේත් සංචාරකයින්ගේ පැමිණීම ඉහළට

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තාවලට අනුව 2025 පෙබරවාරි 01වනදා සිට 28 දක්වා කාලය තුළ සංචාරකයන් 240,217 ක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එය මීට පෙර වසර සමග සැසඳීමේදී පෙබරවාරි මාසය තුළ පැමිණ ඇති වැඩිම සංචාරකයින් සංඛ්‍යාවයි. මීට පෙර පෙබරවාරි මාසයට අදාළ වැඩිම සංචාරක පැමිණීම 2018 වසරේ වාර්තා වූ අතර එම සංඛ්‍යාව 235,618 කි.

ඒ අනුව 2025 වසරේ මුල් මාස දෙකේදීම සංචාරක පැමිණීම් වාර්තා අලුත් කර තිබීම විශේෂත්වයකි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com