වත්මන් ආණ්ඩුව රටේ ජනතාවට ටේප් එකක් රැගෙන පොළේ යාමට අවස්ථාව සලසා දී ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළේය.
පොල් ගෙඩියේ වට ප්‍රමාණය අගල්වලින් මැන මිල තීරණය කිරීමට ආණ්ඩුව ගෙන ඇති පියවර පිළිබද අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ‘දිනමු’ කමිටු පිහිටුවීමේ වැසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කළේය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වටප‍්‍රමාණය අනුව පොල් සඳහා උපරිම සිල්ලර මිලක් ප‍්‍රකාශයට පත් කෙරුණු අතර වටප‍්‍රමාණය අගල් 12 කට අඩු පොල් සඳහා ගෙඩියක් රුපියල් 60 ක් වන ලෙස උපරිම සිල්ලර මිල ප‍්‍රකාශයට පත් කෙරුණා.
වටප‍්‍රමාණය අගල් 12 ත් 13 ත් අතර පොල් සඳහා ගෙඩියක් සඳහා උපරිම සිල්ලර මිල ලෙස ප‍්‍රකාශයට පත් කර ඇත්තේ රුපියල් 65 ක්.
වටප‍්‍රමාණය අගල් 13 ට වැඩි පොල් සඳහා ගෙඩියක් රුපියල් 70 ක් වන පරිදි උපරිම සිල්ලර මිල ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.
ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ රාති‍්‍රයේ ප‍්‍රකාශයට පත් කෙරුණා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්