එදා පේ‍්‍රමදාස රජය මෙම ගිනි අවි ලබාදී ඇත්තේ හිටපු ආණ්ඩුකාරවරයකු මෙන්ම ඇමැතිවරයකු වූ ඒ. එල්. එම්. හිස්බුල්ලාට වන අතර ඒවා පසුව සහරාන් හෂීම්ට ලැබී ඇති බව හෙළිව තිබුණා.
මේ කරුණු අනාවරණය වූයේ සන්ඬේ ටයිම්ස් පුවත්පතේ ප්‍රවීණ මාධ්‍යවේදී කි‍්‍රස්ටෝපර් කමලේන්ද්‍රන් මහතා ඊයේ (24 දා) ලබාදුන් සාක්ෂියෙනි.
2009 දී මෙම මාධ්‍යවේදියා කාත්තන්කුඩියේදී සහරාන් හෂීම් හමුවී ඇති අතර එහිදී සහරාන්ගේ කාමරයේ ටී56 අවියක් තිබූ බව ඔහු කොමිසමට හෙළි කර තිබෙනවා.
1990 කාත්තන්කුඩි පල්ලියට ප්‍රහාර එල්ල වීමෙන් පසුව එවක පැවැති රජය ඒ. එල්. එම්. හිස්බුල්ලාට ටී56 ගිනි අවි ලබාදී ඇති බවත් පසුව හිස්බුල්ලා විසින් ප්‍රසිද්ධියේම තමන්ට එම අවි ලබාදුන් බව සහරාන් හෙළි කළ බව මාධ්‍යවේදියා මෙහිදී අනාවරණය කර තිබේ.
Source : Divaina
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට