කොව්ඩ් -19 වෛරස ව්‍යාප්තිය තවදුරටත් පොකුරු මට්ටමේ පවතින නමුත් වෛරසය සමාජගත වීමක් මෙතෙක් සිදුවී නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යලි අවධාරණය කරයි.
“ලංකාව දැනට ඉන්නේ පොකුරු තත්ත්වයේ. සියලු දෙනාම දන්නවා, බ්‍රැන්ඩික්ස් ආශ්‍රිතව පටන්ගෙන පෑලියගොඩ මාළු වෙළෙඳසැළට ඇවිල්ලා ඊට පස්සේ කොළඹ ප්‍රදේශවලට ආවා. දැන් අපි දකිනවා කොහේ හරි තැනක කේස් එකක් ආවාම පොකුරක් ඇති වෙනවා. අපි අවදානම් කලාපවලට ගිහිල්ලා මේ සාම්පල් කරන නිසා තමයි අපි මේ පොකුරු හොයා ගන්නේ. එහෙම අතහැරියා නම් තමයි මේක සමාජගත වෙන්නේ.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා සිටියි.
කෙසේ වෙතත් මේ වනවිට අහඹු පරීක්ෂණ සිදු කරන සෑම ස්ථානයකින්ම පාහේ වෛරසය ආසාදනය වූ එක් පුද්ගලයෙකු හෝ හඳුනා ගැනීමට ලක්වන බව සෞඛ්‍ය අංශ විසින් නිකුත්කරන වාර්තා අනුව තහුවරු වේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්