දැනට රැදවුම්භාරයේ සිටින සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් නායකයකු බව කියන ජනිත් මධුශංක නොහොත් “පොඩි ලැසී” නැමැත්තාගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට නියෝගයක් බන්ධනාගාර බලධාරීන් වෙත නිකුත් කරන ලෙසට ඉල්ලා අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කර ඇත.
පොඩි ලැසී නැමැත්තා සිය නීතිඥවරයා මාර්ගයෙන් මෙම පෙත්සම ගොනු කර ඇති අතර මෙම පෙත්සම සම්බන්ධයෙන් වග උත්තරකාර පාර්ශවයන්ට නොතීසි නිකුත් කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.
ඒ අනුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් සහ සෝභිත රාජකරුණා යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සමේ වග උත්තරකරුවන් ලෙසට නම් කර ඇති බූස්ස බන්ධනාගාර අධිකාරීවරයා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් වෙත නොතීසි නිකුත් කිරීමට නියෝග කළා.
මෙම පෙත්සම නැවත නොවැම්බර් මස 10 වනදා කැඳවීමට නියමිතය .
අපරාධ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් තමා මේ වන විට බූස්ස බන්ධනාගාරයේ රඳවා තිබෙන බව පොඩි ලැසී සිය පෙත්සමෙන් පවසා සිටියි.මෙහිදී තමාට දිගින් දිගට ජීවිත තර්ජන එල්ල වී ඇති බැවින් ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසට පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියි.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ