පාසල් පොත් ඩිජිටල් තාක්ෂණයට පරිවර්තනය කරන බව තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ ඇමැති සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති නාමල් රාජපක්ෂ ඊයේ (07 වැනිදා) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.
මේ පිළිබඳ ඩයලොග් ආයතනය සමග සාකච්ඡා කළ බව කී ඇමැතිවරයා ඉදිරි මාස කීපය ඇතුළත මෙම කාර්යය අවසන් කරන බවද පැවැසුවේය.
මෙරට ඇති පාසල් දසදහස් එකසීයට අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබා දෙන බවද විෂය මාලාවන් කීපයක් සඳහා අලුතින් නාළිකා හතරක් ඊයේ (7 වැනිදා) එළිදැක්වූ බවද පැවැසුවේය.
සැටලයිට් තාක්ෂණය ඔස්සේ පළමු ශ්‍රේණියේ සිට දහතුන් වැනි ශ්‍රේණිය දක්වා විෂය මාලාවන් ග්‍රාමීය දරුවන්ට හැදෑරීමට අවස්ථාව ලබා දෙන බවද ඇමැතිවරයා කියයි.
සමගි ජන බලවේගයේ මන්ත්‍රී මයන්ත දිසානායක විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවැසුවේය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්