චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා මහතා ඊයේ (12) නොම් පෙන් නගරයට පැමිණ කාම්බෝජයේ නියෝජ්‍ය අගමැති Hor Namhong මහතා සහ නව නියෝජ්‍ය අගමැතිවරයා ලෙසට තේරී පත්වූ Sun Chanthol මහතා හමුවිය.කාම්බෝජයේ මහ මැතිවරණය සාර්ථකව පවත්වා නව ආණ්ඩුවක් පිහිටුවීමට වං යී මහතා සුබ පැතුම් එක් කර ඇත. සිය රටේ ස්වභාවයට අනුකූල වන සංවර්ධන මාර්ගයක් ඔස්සේ කාම්බෝජයේ ස්වාධිපත්‍යය, ස්වාධීනත්වය සහ ජාතික අභිමානය ආරක්ෂා කිරීමට චීනය ස්ථිර ලෙස අනුබල දෙනු ඇත. එමෙන්ම නව යුගයේ චීන-කාම්බෝජ පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් ගොඩනැගීම ශක්තිමත් කිරීමට කාම්බෝජය සමග කටයුතු කිරීමට ද චීනය අපේක්ෂා කරයි.යටිතල පහසුකම් වැඩිදියුණු කර කර්මාන්තවල සංවර්ධන මට්ටම ඉහළ නංවා කාම්බෝජයේ සංවර්ධනයට සහ සමෘද්ධියට චීනය අඛණ්ඩව සහය ලබා දෙන බව වං යී මහතා එහිදී පැවසීය. සියලු තීරණාත්මක අවස්ථාවන්හිදී කාම්බෝජය සමග එක්ව සිටීම පිළිබඳව Hor Namhong මහතා සහ Sun Chanthol මහතා චීනයට ස්තූතිය පළ කළහ.එමෙන්ම දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 65 වැනි සංවත්සරය සහ “කාම්බෝජ-චීන මිත්‍ර වසර” සමරමින් පොදු ඉරණමක් සහිත කාම්බෝජ-චීන ප්‍රජාවක් ගොඩනැගීම නව අදියරයකට ඔසවා තැබීමට හැකි වනු ඇතැයි ඔවුන් අපේක්ෂා පළ කළහ.
පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීමට චීන-කාම්බෝජ එකඟතාවය

More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි