චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ ඉතාලි ජනාධිපති Sergio Mattarella මහතා අතර සාකච්ඡාවක් පැවැත්වේ. ඒ අද (8) සවස බෙයිජිං හි මහජන මහා ශාලාවේදීය.
චීන-ඉතාලි විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය පිහිටුවීමේ 20 වැනි සංවත්සරය මෙම වසරේ සනිටුහන් වන බව ෂී ජින් පිං මහතා එම අවස්ථවේදී සිහිපත් කළේය. පසුගිය ජූලි මස ඉතාලි අගමැති Giogia Meloni මහත්මියගේ චීන සංචාරය අතරතුර, විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය ශක්තිමත් කිරීමේ සැලැස්ම දෙපාර්ශ්වය ප්‍රකාශයට පත් කළ අතර, සාම්ප්‍රදායික සේද මාවතේ ජීවගුණය තහවුරු කරමින් ද්විපාර්ශ්වික සබඳතාව නව අදියරකට ප්‍රවර්ධනය කිරීමට එකඟ වී ඇති බව ඔහු පැවසීය. Sergio Mattarella මහතාගේ මෙවර චීන සංචාරය චීන-ඉතාලි සබඳතා සංවර්ධනයට ප්‍රබල පෙළඹවීමක් ඇති කරන අතර දෙරට ජනතාවට වඩා වැඩි ප්‍රතිලාභ ගෙන දෙනු ඇතැයි විශ්වාස කරන බව ද ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළේය.
පුරාණ ශිෂ්ටාචාර සහිත රටවල් දෙකක් ලෙස, චීනය සහ ඉතාලිය සිය සාම්ප්‍රදායික විවෘතභාවය සහ ඇතුළත්භාවය වැඩි දියුණු කරමින්, සංවාදයෙන් හා සහයෝගයෙන් ගැටළු විසඳීමෙන් පොදු සංවර්ධනයකින් යුත් සුසංයෝගී ලෝකයක් ගොඩනැගීමට ජාත්‍යන්තර ප්‍රජාව පෙළඹවිය යුතු බව ෂී ජින් පිං මහතා වැඩිදුරටත් අවධාරණය කර ඇත.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි