චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ ඉතාලි ජනාධිපති Sergio Mattarella මහතා අතර සාකච්ඡාවක් පැවැත්වේ. ඒ අද (8) සවස බෙයිජිං හි මහජන මහා ශාලාවේදීය.
චීන-ඉතාලි විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය පිහිටුවීමේ 20 වැනි සංවත්සරය මෙම වසරේ සනිටුහන් වන බව ෂී ජින් පිං මහතා එම අවස්ථවේදී සිහිපත් කළේය. පසුගිය ජූලි මස ඉතාලි අගමැති Giogia Meloni මහත්මියගේ චීන සංචාරය අතරතුර, විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය ශක්තිමත් කිරීමේ සැලැස්ම දෙපාර්ශ්වය ප්‍රකාශයට පත් කළ අතර, සාම්ප්‍රදායික සේද මාවතේ ජීවගුණය තහවුරු කරමින් ද්විපාර්ශ්වික සබඳතාව නව අදියරකට ප්‍රවර්ධනය කිරීමට එකඟ වී ඇති බව ඔහු පැවසීය. Sergio Mattarella මහතාගේ මෙවර චීන සංචාරය චීන-ඉතාලි සබඳතා සංවර්ධනයට ප්‍රබල පෙළඹවීමක් ඇති කරන අතර දෙරට ජනතාවට වඩා වැඩි ප්‍රතිලාභ ගෙන දෙනු ඇතැයි විශ්වාස කරන බව ද ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළේය.
පුරාණ ශිෂ්ටාචාර සහිත රටවල් දෙකක් ලෙස, චීනය සහ ඉතාලිය සිය සාම්ප්‍රදායික විවෘතභාවය සහ ඇතුළත්භාවය වැඩි දියුණු කරමින්, සංවාදයෙන් හා සහයෝගයෙන් ගැටළු විසඳීමෙන් පොදු සංවර්ධනයකින් යුත් සුසංයෝගී ලෝකයක් ගොඩනැගීමට ජාත්‍යන්තර ප්‍රජාව පෙළඹවිය යුතු බව ෂී ජින් පිං මහතා වැඩිදුරටත් අවධාරණය කර ඇත.
එකම චීනය මූලධර්මය ඉතාලිය ස්ථීර ලෙස අනුගමනය කරමින් සෑම විටම චීනය සිය වැදගත් හවුල්කරුවෙකු ලෙස සලකන බව Sergio Mattarella මහතා එහිදී පැවසීය. විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය ස්ථාපිත කිරීමේ 20 වැනි සංවත්සරය නිමිත්තෙන්, ආර්ථිකය, වෙළඳාම, විද්‍යාව සහ තාක්‍ෂණය ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් දෙරට සබඳතාව නව මට්ටමකට ප්‍රවර්ධනය කිරීමට ඉතාලිය කැමැත්තෙන් සිටින බව ඔහු පෙන්වා දුන්නේය. බොහෝ ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් ඉතාලිය චීනය සමග සමාන ස්ථාවරයන් බෙදා ගනී. දෙරටම ආරක්ෂණවාදයට විරුද්ධ වන අතර විවෘතභාවය, සන්නිවේදනය හා සහයෝගීතාව අපේක්ෂා කරන බව ඔහු පැවසීය. චීනය සමග බහුපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කරමින් ලෝක සාමය සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා දායක වීමට කැමැත්තෙන් සිටින බව Sergio Mattarella මහතා එහිදී කියා සිටියේය.
එම සාකච්ඡාවෙන් අනතුරුව, සංස්කෘතිය, විද්‍යා හා තාක්ෂණය, අධ්‍යාපනය සහ ලෝක උරුමයන් ඇතුළු ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගීතා ලේඛන රැසකට අත්සන් තැබීමට රාජ්‍ය නායක දෙපළ එක්වූහ.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි