ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SLFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SDFR) පදනම් අංක 50 බැගින් පිළිවෙළින්, සියයට 5.50 සහ සියයට 6.50 දක්වා ඉහළ නැංවීමට තීරණය කර තිබේ.
මේ අතර බැංකු අනුපාතිකය, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සමඟ ස්වයංක්‍රීයවම ගැළපුම් කරමින් සියයට 9.50 ක් දක්වා වැඩිවනු ඇත.
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය පවතින 4.00% මට්ටමේම පවත්වා ගෙන යාමට මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.
ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ නැංවීමට සාපේක්ෂව බැංකු ණය පොලී අනුපාත හා ඉතුරුම් පොලී අනුපාත ඉහළ යනු ඇත.
මහ බැංකුව විසින් ගනු ලැබූ මෙම තීරණය “සංකෝචනාත්මක මූල්‍ය ප්‍රතිපත්තියක්” ලෙසින් හැඳින්වේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ