මත් පෙති තොගයක් ළගතබාගෙන ජාවාරම් කළ පොලිස් නිලධාරියකු ඊයේ (02) චීනවරාය සර්ධාපුර විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිස් ස්ථානයට අනියුක්තව කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශයේ රාජකාරි කරන දොන් රාජපතිරණගේ ගිහාන් අනුරුද්ධ නමැති 35 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයකි.
සැකකරු ඊයේ පස්වරුවේ ට්‍රැමඩෝල් නම් මත් පෙති අලෙවි කිරීම සඳහා යතුරුපැදියකින් ගෙන යමින් සිටියදී ධාන්‍යගම, 02 ප්‍රීමා නිල නිවාස මාර්ගයේ දී අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ ට්‍රැමඩෝල් 225 මි.ග්‍රෑම් මත්පෙති 450ක් තිබී ඇත.
සැකකාර කොස්තාපල්වරයා චීනවරායේම පදිංචි කරුවකු වන අතර අත්අඩංගුවට ගෙන චීනවරාය පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත. සැකකරු අද (03) ත්‍රිකුණාමලය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.මේ සම්බන්ධ වැඩිදුර විමර්ශණ කටයුතු චීනවරාය පොලිස් ස්ථානය මගින් සිදුකරණු ලබයි.
සර්ධාපුර විශේෂ කාර්යය බලකා කදවුරේ ස්ථානාධිපති පො.ප B.M.A හපුආරචි මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින්
සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ