මහරගම පොලිසියේ රථවාහන අංශයේ නිලධාරියෙක්
අද උදෑසන යතුරුපැදි අනතුරක් හේතුවෙන් මහරගම පොලිසියේ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයෙකු මියගොස් තිබෙනවා.
මහරගම පොලිස් ස්ථානයෙන් පිටත්ව ගොස් පන්නිපිටිය ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක් අසල රථ වාහන රාජකාරියේ යෙදී එය නිමවා නැවත පැමිණෙන අතරතුර මහරගම දඹහේන මාර්ගයේ දීයි මෙම අනතුර සිදුව ඇත්තේ.
අනතුරට ලක් වූ පොලිස් නිලධාරියා පැද වූ යතුරු පැදිය පාලනයෙන් ගිලිහී අසල තිබූ විදුලි කණුවක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
මෙලෙස අනතුරට ලක් වී ඇත්තේ, වයස අවුරුදු විසි හතරක් වන පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචි එස්.එම් සංජීව නමැති පොලිස් කොස්තාපල්වරයෙක්.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්