පොලිස් නිලධාරීන් 105 දෙනෙකු මේ වන විට කොරෝනා වෛරස ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.
අද (01) දිනයේ ද නිලධාරීන් දස දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවා.
මේ අතර, දෙමටගොඩ පිහිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ කාන්තා පොලිස් නිලධාරිනියක් ඇතුළු දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙන බවද තහවුරු වී තිබෙනවා.
මේ හේතුවෙන් අදාළ පොලිස් නිලධාරිනිය රැඳී සිටි කොළඹ මලලසේකර මාවතේ කාන්තා භට නිවාසයේ 235 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා.
කොළඹ අපරාධ කොට්ඨාසයෙන් මෙතෙක් වාර්තා වී ඇති සමස්ථ ආසාදිත පොලිස් නිලධාරීන් ගණන 26 ක්.
එමෙන්ම මෝදර පොලිස් ස්ථානයෙන් දෙදෙනෙකු, දෙමටගොඩ පොලිස් ස්ථානයෙන් දෙදෙනෙකු, කොළඹ වරාය, මාළිගාවත්ත, මරදාන සහ ග්‍රෑන්ඩ්පාස් යන පොලිස් ස්ථානවලින් එක් අයෙකු බැගින් කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් හඳුනාගෙන තිබෙනවා.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි