පොලිස් නිලධාරීන් 60 දෙනෙකුට මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
ඒ අනුව නිරෝධායනයට යොමු කර ඇති පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 300ක්.
කෙසේ වෙතත්, ආසාදිතයන් හමුවූ පොලිස් ස්ථාන සියල්ලම නිසි පරිදි විෂබීජහරණයට ලක් කිරීමෙන් පසු සේවා සැපයීම අඛණ්ඩව සිදු කරනු ඇති.
මේ අතර, පෙරේදා හදිසියේ මිය ගිය බියගම පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ලක්මාල් මහතාගේ පී.සී.ආර්. වාර්තාව ඊයේ නිකුත් වුණා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ එම වාර්තාවට අනුව ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇති බවයි.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි