බීමත් කණ්ඩායමක් ඊයේ (29) රාත්‍රීයේදී අහුන්ගල්ල පොලිසියේ නිලධාරීන් පිරිසකට පහරදී ඇත. ඇති වූ උණුසුම් තත්ත්වය පාලනය කිරීමට පොලිසියට අහසට වෙඩි තැබීමටද සිදු ව ඇති බව වාර්තා වේ.
මෙහිදී පොලිස් නිලධාරීන් දෙදෙනකු තුවාල ලබා ඇති අතර එක් නිලධාරියකු බලපිටිය රෝහලට ඇතුළත් කර ඇත.
ජංගම මුර සංචාරයේ නිරත පොලිස් නිලධාරීන් පිරිසක් නගරයේ බීමතින් අශෝභන ලෙස හැසිරෙන පිරිසක් දැක ඔවුන්ට අවවාද කිරීමට යෑමේදී ඔවුන් පොලිස් නිලධාරීන්ට අසභ්‍ය වචනයෙන් බැන වැදී පහර දී ඇත.
මෙහිදී පොලිසිය අහසට වෙඩි තබා ඇති අතර පසුව සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට