පසුගියදා රාජගිරිය ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරියෙකු අනතුරට ලක්කර පළාගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතුරින් පොලිසියට භාරවූ තවත් සැකකරුවන් දෙදෙනෙකු ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.
ඒ සැකකරුවන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
මෝසමක් මාර්ගයෙන් ඉදිරිපත්වූ මෙම පැමිණිල්ල කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා සිටියේ එක් සැකකරුවකු පොලිසිය භාරයට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට අවසර ලබා දෙන ලෙසයි.
එම සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියේ පොලිසියට භාරවීමෙන් පසු ඔහුට පහරදීමක් සිදු කර ඇති අතර ඒ බව අධිකරණ වෛද්‍ය වාර්තා මගින් ද සනාථ වී ඇති බවයි.
එම කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අතර රිමාන්ඩ් බන්ධනාගාරයේ දී ඔහුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් භාරවූ අනෙක් සැකකරු ද ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කරනු ලැබුවේ එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්