ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී,පොලිස් අධිකාරී,සහකාර පොලිස් අධිකාරි ඇතුළු පොලිස් නිලධාරීන් 17කට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය සහ මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය අනූව සේවා අවශ්‍යතා මත මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි, පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.
ඒ අනූව, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක්,පොලිස් අධිකාරීවරයෙක්,සහකාර පොලිස් අධිකාරීවරුන් 9 දෙනෙක්ට මෙන්ම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 4 දෙනෙක්ට සහ පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙක්ට ද මෙලෙස ස්ථාන මාරුවීම් ලබා දී ඇත.
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්