පොලු මුගුරුවලින් පහරදී ඝාතනය කරන ලදැයි සැක සිතිය හැකි පුද්ගලයකුගේ මළ සිරුරක් අද (9) අලුයම් කාලයේදී පිටිගල කරව්ව වෙල්යායේ දමා තිබියදී සොයාගත් බව පිටිගල පොලීසිය කියයි.
මෙසේ සොයා ගනු ලැබූවේ පිටිගල මන්නගොඩ පදිංචි නිහාල් අතුකෝරළ නමැති 57 හැවිරිදි තිදරු පියකු බව පොලීසිය පවසයි.
මිය ගිය තැනැත්තා කිසියම් කාරණයකට නිවසින් පිටව ගොස් ඇති බවත් කිසියම් කතාවක් දුර දිග යාමෙන් පසු ඔහුට පිරිසක් පොලු මුගුරුවලින් පහරදී ඝාතනය කොට මේ වෙල් යායේ දමා යන්නට ඇති බවට තමන් සැකකරන බවද පොලීසිය කියයි.
නිවෙසින් පිටව ගිය පුද්ගලයා නැවත නිවෙසට නොපැමිණීම පිළිබදව දැනුම් දීම අනුව සිදු කළ සොයා බැලීමේදී ඔහුගේ සිරුර කරව්වවෙල් යායේ තිබියදී හමුවී ඇති බවත් පොලිසිය සඳහන් කරයි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට