කාබනික පොහොර භාවිත කරමින් කෘෂිකාර්මික කටයුතු සිදු කිරීමට අදාළව පොහොර කළමනාකරණ හා නියාමන පනත නමින් නව පනතක් හඳුන්වා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සූදානම් වෙයි.

198 8අංක 68 දරන පොහොර විධිමත් කිරීමේ පනත දැනට ක්‍රියාත්මක අතර එමගින් කාබනික පොහොර භාවිතය ආවරණය නොවන බව අමාත්‍යාංශයේ අදහසයි.
මෙම නව පනත යටතේ පොහොර කළමනාකරණ හා නියාමන ජාතික ලේකම් කාර්යාලයක්ද ස්ථාපිත කිරීමට නියමිතය.
පොහොර නිෂ්පාදනය, සකස් කිරීම හා නියාමනය, ප්‍රමිතිය තහවුරු කිරීම යන කරුණු ආවරණය වන පරිදි නව පනත සකස් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
මේ අතර 2021/22 මහ කන්නයේ වී සඳහා කාබනික පොහොර හා ස්වභාවික ඛනිජ ආනයනය කිරීම සඳහා සැපයුම් කරුවන්ගේ පූර්ව සුදුසුකම් පරීක්ෂා කිරීමටද කාබනික හා ස්වභාවික පොහොර නිෂ්පාදනය නියාමන රාජ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
ඒ සඳහා සැපයුම්කරුවන්ගෙන් අයැදුම්පත් කැඳවන බව අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. තවද මහ කන්නය සඳහා ස්වභාවික කාබනික පොහොර හා කීලේටඩ් ඛනිජ අංශ මාත්‍ර ශාක පෝෂක ආනයනය කිරීම හා කාබනික පොහොර මිලදී ගැනීමේ කටයුතු සඳහා සය පුද්ගල කමිටුවක් පත් කිරීමටද කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට