පොහොර සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් ගොවි ජනතාවට ඇති නොවන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ඒ සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් ඇති බවත් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
“කිසිම ගැටළුවක් වෙන්නෙ නෑ. ගරු මහින්දානන්ද ඇමතිතුමා වැඩපිළිවෙලක් හදලා තියෙනවා. ඒ අනුව සාර්ථකව ඒ වැඩේ ක්‍රියාත්මක වෙනවා. අපි කිසිසේත්ම ගොවියන්ට අසාධාරණයක් වෙන්න ඉඩ තියන්නේ නෑ. මොකද අපේ ආණ්ඩුව හැදුවෙ මේ රටේ ගොවි ජනතාව සහ ධීවර ජනතාව වගේම කම්කරු ජනතාව. ඒ අය ආරක්ෂා කරන්න අපි ආණ්ඩුවක් විදියට නිසැකව පෙනී සිටිනවා. පදනම් විරහිතව අපි පෙනී සිටිනවා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (04) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
- LNW
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට