කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිසම පිහිටුවීමට අදාලව කෙටුම්පත් කර ඇති පනතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය වී තිබෙන්නේ එම වගන්ති පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් හා ජනමත විචාරණයකින් සම්මත වියයුතු බවයි.
මෙම කෙටුම්පතට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත දැනුම් දී තිබූ අතර අද (18) කතානායකවරයා විසින් එම නිගමනය පිළිබඳව සභාව දැනුවත් කළේය.
- Lanka News Web ඇසුරෙන්
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්