ඉන්ධන අර්බුදය හේතුවෙන් අද දිනයේත් පෞද්ගලික බස් රථ ධාවනය සීමා කිරීමට සිදුව ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කළේ, අද දිනයේ පෞද්ගලික බස් ධාවනය සියයට 15 කට පමණ සීමාවන බවයි.
කෙසේ වෙතත් ඉන්ධන සපයා ගැනීම අනුව අන්තර් පළාත් බස් ධාවනය සිදු කෙරෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව් අධ්යක්ෂ ජනරාල්, ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළා.
මේ අතර ඉන්දීය ණය පහසුකම යටතේ දිවයිනට ළඟා වූ අවසන් නෞකාවෙන් රැගෙන ආ ඩීසල් මෙටි්රක් ටොන් 40 දහස බෙදා හැරීම සඳහා කටයුතු ක්‍රියාත්මක බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
තවත් පෙට්‍රල් මෙටි්රක් ටොන් 41 දහසක නෞකාවක් දිවයිනට ගෙන්වා ගැනීම සඳහා මේ වන විට ණයවර ලිපි විවෘත කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ඉන්ධන ලබා ගැනීම සඳහා ප්‍රදේශ රැසක ජනතාව තවදුරටත් දිගු පෝලිම්වල රැඳී සිටින බව සිත නිව්ස් 24 වාර්තාකරුවන් සදහන් කළා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති