පෞද්ගලික හා රාජ්‍ය අංශයන්හි කාර්යාල වේලාවන් සංශෝධනය කිරීම සඳහා පත්කළ කමිටු වාර්තාව ප‍්‍රවාහන සේවා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා වෙත භාර දෙන ලැබුවා.
‘කොවිඞ් 19’ වසංගත තත්ත්වය වළක්වා ගැනීමට සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, මාර්ග තදබදය වළක්වා ගැනීම හා රාජ්‍ය හා පෞද්ගලික සේවය කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් මෙම කමිටුව පත් කෙරිණි.
රාජ්‍ය අංශයේ කාර්යාල වේලාව පෙරවරු 09.00 සිට පස්වරු 4.45 දක්වාත්, පෞද්ගලික අංශයේ කාර්යාල පස්වරු 09.45 සිට පස්වරු 06.45 දක්වාත් සංශෝධනය කිරීමට එමගින් නිර්දේශ කර තිබේ.
මෙම නිර්දේශ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත හා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ක‍්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව මහින්ද අමරවීර මහතා ඊයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් සඳහන් කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප‍්‍රවාහන සේවා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතාට නිර්දේශ ඇතුළත් වාර්තාවක් සැකසීම සඳහා උපදෙස් ලබා දී තිබුණි. ඒ අනුව ඇමැතිවරයා විසින් අතිරේක ලේකම් තිලකරත්න බණ්ඩා මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කරනු ලැබීය.
ඒ අනුව එම කමිටුව විසින් පෞද්ගලික හා රාජ්‍ය අංශයේ කාර්යාල ආරම්භ කිරීම හා අවසන් කිරීම සම්බන්ධව දැනට පවතින වේලාවන් සංශෝධනය කිරීමට එම වාර්තාව හරහා නිර්දේශ ඉදිරිපත් කරන ලදී.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්