සුදුසුකම් ලබාගැනීමේ තරඟ වටයේ තවත් තරඟ දෙකක් ඊයේ රාත්‍රියේ නිමාවට පත්වුණා.
මින් පළමු තරඟය පැවැත්වුණේ ඕමාන කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතරයි.
එහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් ඕමාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 122ක් ලබා ගත්තා.
ඊට පිළිතුරු ලෙස පන්දුවාර 17ක් අවසානයේදී කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 123ක් ලබාගත් ස්කොට්ලන්ත කණ්ඩායම මෙම තරඟය කඩුලු 8කින් ජය ගැනීමට සමත් වුණා.
දෙවන තරඟය පැවැත්වුණේ බංගලාදේශ කණ්ඩායම සහ පැපුවා නිව් ගිනියා කණ්ඩායම අතරයි.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංගලාදේශ ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 181ක් රැස්කළ අතර ඊට නායක මහමුදුල්ලා ලබාගත් අර්ධ ශතකයද ඇතුළත්.
කෙසේ වෙතත් පිළිතුරු ඉණිම ක්‍රිඩා කළ පැපුවා නිව් ගිනියා කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 3ක් අවසානයේදී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 97ක් පමණයි.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ ශකිබ් අල් හසන් ලකුණු 9කට කඩුලු 4ක් බිඳ හෙලුවා.
මෙම ජයග්‍රහණයත් සමඟ බංගලාදේශ කණ්ඩායම ලෝක කුසලාන 20යි 20 තරඟාවලියේ අවසාන කණ්ඩායම 12 අතරට පැමිණීමට සමත් වුණා.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි