බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා බංගලාදේශ් කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගයෙන් බංග්ලාදේශයට එරෙහිව කඩුලු 3 ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් පිල සමත් වුනා.
ලකුණු 395 ක් පසුපස හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කදුළු 7ක් දැවී ඉලක්කය පසුකර ගියා.
මෙහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කල කයිල් මේයර්ස් ලකුණු 210 ලබා ගත අතර සිවුවැනි ඉනිමේ ද්විත්ව ශතකයක් රැස් කළ ලොව පළමු පිතිකරුවා බවට පත්විය.
පන්දු 310 කදී නොදැවී ලකුණු 210 ක් රැස් කළ මේයර්ස් හතරේ පහර 20 ක් සහ හයේ පහර 7 ක් එල්ල කරමින් බටහිර ඉන්දීය කොදෙව් පිලට ටෙස්ට් තරගයකදී පස්වන වැඩිම හඹා යාම සම්පූර්ණ කිරීමටත් ආසියාවේ මෙතෙක් වාර්තා වූ විශාලතම හඹා යාමටත් සමත් විය.
සිව්වන කඩුල්ල සඳහා නක්‍රුමා බොනර් (86) සමග ඔහු ලකුණු 216 ක සබඳතාවයක් ගොඩනඟා ගත් අතර, 1984 සිට මේ දක්වා ඕනෑම කඩුල්ලක් සඳහා බටහිර ඉන්දීය කොදෙව් වැඩිම සිව්වන ඉනිමේ සබදතාවය බවටද වාර්තා අතරට එක්වුණා.
තරගයේ විරය සම්මානය කයිල් මේයර්ස් දිනාගත්තා.
බංගලාදේශ කණ්ඩායම පළමු ඉනිම ලකුණු – 430/ 10
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමු ඉනිම ලකුණු 259 / 10
බංගලාදේශ කණ්ඩායම දෙවැනි ඉනිම ලකුණු 223 / 8
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම දෙවැනි ඉනිම ලකුණු 395 /7
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ