බංග්ලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්රී ලංකාව ක්රීඩකයින් 23 දෙනෙකුගෙන් යුත් සංචිතයක් තෝරාගෙන තිබේ. එම සංචිතය ශ්රී ලංකා ක්රිකට් මගින් තවමත් නිල වශයෙන් තහවුරු කර නොමැති අතර නවක ක්රීඩකයින් වන ලහිරු උදාරා, දුවින්දු තිලකරත්න, සන්තුෂ් ගුණතිලක, මිනෝද් භානුක, වනින්දු හසරංග සහ කමින්දු මෙන්ඩිස් ඇතුළත් වේ.
නම් කරන ලද මෙම තරුණයින්ගෙන් බොහෝ දෙනෙක් අවසන් වූ ප්රිමියර් ලීග් තරගාවලියේ දස්කම් දැක්වීම නිසා සංචිතයට සුදුසුකම් ලබා ඇත. සැප්තැම්බර් මැද භාගය වන විට බංග්ලාදේශය ශ්රී ලංකාවට පැමිණීමට නියමිතය.තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ඔක්තොබර් 24 දින ආරම්භ කිරිමට සැලසුම් කරතිබේ.
නම් කරණ ලද සංචිතය
Dimuth Karunaratne (Captain), Oshada Fernando, Lahiru Udara, Kusal Mendis, Angelo Mathews, Dinesh Chandimal, Kusal Perera, Niroshan Dickwella, Minod Bhanuka, Lahiru Thirimanne, Santhush Gunathilaka, Kamindu Mendis, Dhananjaya de Silva, Wanindu Hasaranga, Dilruwan Perera, Lakshan Sandakan, Lasith Embuldeniya, Duvindu Tillakaratne, Suranga Lakmal, Lahiru Kumara, Vishwa Fernando, Kasun Rajitha, Asitha Fernando.
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්රී ලංකා ක්රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්රීඩා උළෙල ඇරඹීමට සූදානම්