බංග්ලාදේශයේ තරග සංචාරයට සහභාගි වී සිටින ශ්‍රී ලංකා පිලේ සාමාජිකයන් තිදෙනකුට කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනාගෙන ඇතැයි වාර්තා වේ.
වේග පන්දු යවන්නන් කීප දෙනෙකුට මෙලෙස කොවිඩ් ආසාදනය වි ඇති බවයි ආරංචි වන්නෙ.
ශ්‍රී ලංකා පිලේ සෙසු සාමාජිකයන්ගේ පී.සී.ආර්. වාර්තා රැසක් අද දින තුළ බලාපොරොත්තුවෙන් සිටින බව ද බංග්ලාදේශයෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.
’කොවිඩ්’ ආසාදිතයකු ලෙස හදුනාගත් ක්‍රීඩකයකුගේ කාමරයට තුළ ක්‍රීඩකයන් රැසක් පැමිණ ඇති බව දැනගන්නට තිබේ.
ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශය අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද (23) පැවැත්වීමට නියමිතය.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි