සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් තරගයේ අවසන් දිනය සදහා තරගය අද පෙරවරු ආරම්භවීමට නියමිතයි.
ඊයේ දිනය සදහා තරගය නතර කරන විට දෙවන ඉනිම සදහා ප්‍රථමයෙන් පන්දුවට පහරදෙමින් සිටි බංග්ලාදේශ පිල කඩුළු 4ක් දැවී රැස්කර ගෙන සිිටි ලකුණු සංඛ්‍යාව 34කි.
අසිත ප්‍රනාන්දු කඩුළු දෙකක් දවා ගැනීමට සමත් විය.
මෙම තරගයේ පළමු ඉනිම සදහා මුලින්ම පන්දුවට පහරදුන් බංග්ලාදේශ පිල ලකුණු 365ක් රැස්කර ගත් අතර ශ්‍රී ලංකා පිල පිළිතුරු පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 506ක් ලබා ගැනීමට සමත් විය.
ඒ අනුව ශ්‍රී ලංකා පිල මේ වන විට ලකුණු 107ක් ඉදිරියෙන් සිටියි.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි