ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග ටෙස්ට් තරගාවලියකට සහභාගිවීම සදහා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ලබන අප්‍රේල් මස 12 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ කණ්ඩායම් දෙක අතර ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිත බවයි.
පුහුණු තරගය ලබන 17 වැනිදා සහ 18 වැනිදා කටුනායකදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය අප්‍රේල් 21 වැනිදා ආරම්භ වන අතර, එම තරගය මහනුවර පැල්ලකැලේ ජාත්‍යන්තර පිටියේදී පැවැත්වේ.
දෙවන ටෙස්ට් තරගය 29 වැනිදා මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර පිටියේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සදහන් කරයි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි