පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරඟාවලියේ මූලික වටයේ තරඟයකින් සත්කාරක ඕමාන කණ්ඩායම ලකුණු 26කින් පරාජය කිරීමට බංග්ලාදේශ කණ්ඩායම අද (19) සමත් විය.
තරඟයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායමේ නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඒ අනුව, බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ සියලුදෙනා දැවී ලකුණු 153ක් ලබා ගත්තේය.
බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් එහිදී මොහොමඩ් නයිම් ලකුණු 64ක් රැස්කළ අතර ෂකිබ් අල් හසන් ලකුණු 42ක් රැස් කිරීමට සමත්විය.
පන්දු යැවීමේදී බිලාල් ඛාන් සහ ෆයියාස් බට් කඩුලු 3 බැගින් දවාගත් අතර කාලිමුල්ලා කඩුලු 2ක් දවාගත්තේය.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සත්කාරක ඕමාන කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී රැස්කළේ ලකුණු 127ක් පමණි.
ඕමාන කණ්ඩායම වෙනුවෙන් ජටින්ඩර් සිං ලකුණු 40ක් රැස්කළ අතර කාශ්‍යප් ප්‍රජාපති ලකුණු 21ක් රැස්කළේය.
බංග්ලාදේශය වෙනුවෙන් පන්දු යැවීමේදී මුස්තාෆිසුර් රහ්මාන් කඩුලු 4ක් දවාගත් අතර ෂකිබ් අල් හසන් කඩුලු 3ක් දවාගත්තේය.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි