බංග්ලාදේශය සමග පැවැත්වෙන ටෙස්ට් තරග දෙක සදහා ක්‍රීඩා කරන ශ්‍රි ලංකා කණ්ඩායම අද Sri Lanka Cricket විසින් නිවේදනය කෙරුනු ලැබුවා.
තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය හෙට ආරම්භ වීමට නියමිතයි. එම තරගාවලියට ක්‍රීඩා කළ හැකි ක්‍රීඩකයින් 18 දෙනෙකු ගෙන් සමන්විත සංචිතය පහත පරිදි වේ.
පෞද්ගලික හේතුවක් මත බටහිර ඉන්දීය කොදෙව් සංචාරය අතරතුර මෙරටට පැමිණි ඇන්ජිලෝ මැතිවුස් බංගලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලියට නම් කොට ඇත.
කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වීම හේතුවෙන් කොදෙව් සංචාරයට එක් නොවූ ලහිරු කුමාර බංග්ලාදේශයට එරෙහි සංචිතයට නම් කොට ඇත. දුෂ්මන්ත චමීර පෞද්ගලික හේතුවක් මත කණ්ඩායමෙන් ඉවත් වී ඇති අතර ඒ වෙනුවට දිල්ෂාන් මදුශංකට ශ්‍රී ලංකා සංචිතයේ දොරටු විවර වී ඇත.
කොදෙව් තරගාවලියේදී ආබාධයකට ලක්වූ වමත් දගපන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය වෙනුවට යොවුන් වමත් දගපන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම සංචිතයට කැදවා ඇත.
ක්‍රීඩා අමාත්‍යවරයාගේ නිර්දේශය හිමිවූ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය
ශ්‍රී ලංකා සංචිතය
- දිමුත් කරුණාරත්න
- ළහිරු තිරිමාන්න
- ඔෂධ ප්‍රනාන්දු
- ඇන්ජලෝ මැතිවුස්
- නිරෝෂන් දික්වැල්ල
- දිනේෂ් චන්දිමාල්
- දසුන් ශානක
- ධනංජය ද සිල්වා
- රොෂේන් සිල්වා
- සුරංග ලක්මාල්
- වනිදු හසරංග
- විශ්ව ප්‍රනාන්දු
- රමේෂ් මෙන්ඩිස්
- අසිත ප්‍රනාන්දු
- ළහිරු කුමාර
- පැතුම් නිශ්ශංක
- ඩිල්ෂාන් මධුෂංක
- ප්‍රවීන් ජයවික්‍රම
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්