බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟාවලිය සඳහා 18 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කර තිබෙනවා.
දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය සඳහා නවක ක්‍රීඩකියින් වන කමිල් මිශාර, සුමින්ද ලක්ෂාන්, දිල්ශාන් මදුෂංඛ හා කමිඳු මෙන්ඩිස් ද ඇතුළත්. එංගලන්ත කණ්ඩයමේ හිටපු පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මෙම තරඟාවලියේ සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබනවා.
තරඟ 02කින් ශ්‍රී ලංකා බංග්ලාදේශ ටෙස්ට් තරඟාවලියේ පලමු තරඟය මැයි මස 15 දින ආරම්භ වන අතර දෙවන ටෙස්ට් තරඟය ලබන 23 වනදා ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා පිළ ලබන 08 වනදා බංග්ලාදේශය බලා පිටත්ව යාමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතය වාර්තා කර සිටී.

More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි