ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගි වීමට නියමිතව සිටි බංග්ලාදේශ ආරම්භක පිතිකරු ෂද්මාන් ඉස්ලාම්ට කොරෝනා ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ වනවිට ෂද්මන් නිරෝධායනය වෙමින් සිටින අතර, යම් හෙයකින් සිය 3 වැනි කොවිඩ් පරීක්ෂණයෙන් ඔහුට කොවිඩ් ආසාදනය වී නැතැයි සනාථ වුවහොත් ඔහුට මෙම තරගාවලිය සඳහා සහභාගී වීමේ අවස්ථාව පවතී.
ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවට අයත් වන තරග 2 කින් යුත් ටෙස්ට් තරගාවලියකට සහභාගි වීම සඳහා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අප්‍රේල් මස 12 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. අදාළ තරගාවලිය ඉකුත් 2020 වසරේ ඔක්තෝබර් සහ නොවැම්බර් යන මාස වලදී පැවැත්වීමට මුලින් කටයුතු යොදා තිබූ නමුත්, කොවිඩ් අවදානම හේතුවෙන් එය දින නියමයක් නොමැතිව කල් දැමිණි.
බංග්ලාදේශය සමගින් පැවැත්වීමට නියමිත මෙම තරග 2 ම මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර ඊට පෙර බංග්ලාදේශ කණ්ඩායම, දෙදින පුහුණු තරගයකට සහභාගී වීමට නියමිතය. එය ලබන අප්‍රේල් මස 17 සහ 18 යන දිනයන් හි කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.
තරගාවලියේ පළමු ටෙස්ට් තරගය අප්‍රේල් මස 21 වැනිදා සිට 25 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇරඹීමට සූදානම්