සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය මේ වන විට අවසන් වී තිබේ.
දිනය නිමා වන විට පිළිතුරු පළමු ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම කඩුළු 3ක් දැවී රැස්කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 318කි.
බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් තමීම් ඉක්බාල් ලකුණු 133ක් රැස්කර ගෙන සිටියදි ආබාධයකට ලක් විය.
ඔහුගේ එම ලකුණු සංඛ්‍යාවට හතරේ පහර 15ක් ඇතුළත් වේ.
දිනය නිමාවන විට නොදැවී පන්දුවට පහරදෙමින් සිටි ලිටුන් ඩාස් ලකුණු 54ක් සහ මුෂ්ෆික රහීම් නොදැවී ලකුණු 53ක් රැස්කර සිටි අතර, මුහමදුල් හසන්ට රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 58ක් පමණී.
ඒ අනුව දිනය නිමාවන විට බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකා පිලට වඩා ලකුණු 79ක් පිටුපසින් සිටියි.
සංචාරක ශ්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 397කි.
ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 199ක් රැස්කර ගත්තේය.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි