අන්තර්ජාතික ක්‍රිකට් තරගාවලියක් සඳහා තම ක්‍රීඩකයින්ට සහභාගී වීමට සුදුසු වාතාවරණයක් තවමත් පැමිණ නොමැති බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා ඇත.ඒ ක්‍රීඩකයින් ඒ සඳහා සූදානම් නොවීම හා කෝවිඩ් – 19 වසංගතය හේතුවෙනි.
එමනිසා 2020 ජූලි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබු බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සිදු නොවන බවට බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය දන්වා ඇත.
අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගමාලාවක් ක්‍රීඩා කිරිමට නියමිතව තිබුනි.මේ අනුව තරගාවලිය කල්දමා තිබෙ.
චානක අරවින්ද
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි