බටලන්ද කොමිෂන් වාර්තාව රනිල් ප්‍රතික්ෂේප කරයි

බටලන්ද කොමිෂන් වාර්තාව තමන් ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එම වාර්තාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනුයි ඒ මහතා මේ බව සඳහන් කළේ.

මේ අතර බටලන්ද පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව පිළිබද දෙදින විවාදය අප්‍රේල් 10 වනදා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.

පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභා රැස්වීම කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

අප්‍රේල් 10 වන බ්‍රහස්පතින්දා පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා බටලන්ද නිවාස සංකීර්ණයේ නීතිවිරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටුවීමේ සහ පවත්වාගෙන යාම පිළිබද පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව පිළිබද විවාදය පැවැත්වීමටත් පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වුණා.

එමෙන්ම එය දෙදින විවාදයක් ලෙස පැවැත්වීමට මෙන්ම ඒ සඳහා මැයි මාසයේ තවත් දිනයක් යොදා ගැනීමට ද තීරණය වූ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

කෙසේ වෙතත් බටලන්ද කමිෂන් වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (16) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කළේ එම වාර්තාව තමන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com