සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවැති දෙවන 20-20 ක්‍රිකට් තරඟය ලකුණු 56කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්ව තිබේ.
දිවා රාත්‍රී තරඟයක් ලෙස ඊයේ (10) පැවැති තරඟයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලබාදුන්නේය.
ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04ක් දැවි ලකුණු 196ක් ලබා ගැනීමට සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 197ක් ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායමට පන්දු වාර 19යි පන්දු 02ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 140ක් පමණය.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි