බුද්ධශාන ඇමැති පොසොන් මහේ සකේ බලපත්‍ර 5ක් දෙන්න යනවලු
කොරෝනා පීඩනයෙන් ජනතාව පෙළෙද්දී බඩ ඉරිඟුවලින් සකේ නිපදවන්න පොසොන් මාසයේ අලුතින් බලපත්‍ර පහක් ලබා දීමට බුද්ධ ශාසන ඇමැතිවරයා සූදානම් වන බව මාතර දිස්ත්‍රික් (සජබ) මන්ත්‍රී බුද්ධික පතරණ ඊයේ (08දා) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය. මන්ත්‍රීවරයා මෙසේද කීය.

පොසොන් මාසයේ අලුතින් බලපත්‍ර පහක් ලබා දෙන්නත් තීරණය කර තිබෙනවා.
බියර් සහ වයින් සඳහා ලීටරයකට ලබා දෙන රුපියල් තුන්දහස් පන්සීයක බද්ද මේ රෝයල් සකේ වලට රුපියල් නවසීය දක්වා අඩු වෙනවා.
මෙවැනි වංචනික ක්‍රියා නිසා ආදායම ලබාගත හැකිද. මේ බලපත්‍ර ලබා දෙන්න සූදානම් වන්නේ බුද්ධ ශාසන ඇමැතිවරයාගේ අත්සනින්. සුරාබදු කොමසාරිස්වරයාම පවසා තිබෙනවා තමන් වෙත බලපත්‍ර අයදුම්පත්‍ර පහක් ලැබී ඇති බව.

More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට