බඩල්ගම පිහිට ඇගළුම් කම්හලක සේවක සේවිකාවන් 23 දෙනකුට කොරෝනා රෝග වැළදී ඇති බව අද (02) සවස තහවුරු වී තිබේ.
ආසාදිතයන් අතර දිවුලපිටියේ 8ක්, මීගමුවේ 5ක්, පන්නල 6ක්, මීරිගම හා කටාන 2 බැගින් සිටින බව දැනගන්නට ඇත.
මේ හේතුවෙන් එම රෝගීන්ගේ ආශ්‍රිතයන් වූ 458 දෙනෙකු නිවෙස්වල නිරෝධායනයට ලක් කොට ඇති බව වාර්තා වේ.
මේ අතර ඇහැළියගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 139ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අතරින් 103 දෙනෙකුම දිවුරුම්පිටිය ඇඟලුම් ආයතනයේ සේවක සේවිකාවන් හා ඔවුන්ගේ ආශ්‍රිතයින් බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.
ඊයේ දිනයේදී එම ඇඟලුම් ආයතන සේවක සේවිකාවන්ගේ පීසීආර් පරීක්ෂණ වාර්තා 250ක් පමණ ලැබුණු අතර ඉන් 40දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්