බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පිටත් වීම් පර්යන්තයේ මහජන ආලින්දය අමුත්තන් සඳහා යළි විවෘත කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව අද (05) උදෑසන 9.00 සිට මහජන ආලින්දය අමුත්තන් සඳහා විවෘත වනු ඇති.
එක් ගුවන් මගියෙකුට මහජන ආලින්දය වෙත රැගෙන ආ හැක්කේ එක් අමුත්තෙකු පමණක් බව සඳහන්.
එමෙන්ම ගුවන් තොටුපල පරිශ්‍රය තුළ මුහුණු ආවරණ පැළඳීම සහ සමාජ දුරස්ථභාවය රැකෙන පරිදි කටයුතු කිරීම අනිවාර්යයකර ඇති අතර සෞඛ්‍ය උපදේශයන්ට අනුකූලව කටයුතු කරන ලෙසට ගුවන් මගීන්ට දැනුම් දෙන බවයි ගුවන් තොටුපල නිවේදනය කළේ.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග