පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ඉතා සාර්ථකව පොලිසියෙන් සැගවෙමින් සිටින ආකාරයක් පෙනී යන බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා සඳහන් කරයි.
නමුත් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට නම් පොලීසිය මීට වඩා දක්ෂ විය යුතු බවත් ඒ මහතා කියා සිටියේය.
අද තාක්ෂණය ආදී සියලු පහසුකම් තිබියදීත් මෙම අත්අඩංගුවට ගැනීම ප්‍රමාද වීම ගැන අසතුටක් තමන්ටද ඇතැයි ඔහු පැවසීය.
බදියුදීන් මහතා මේ වන තෙක් රෝහල ගත වී නැති නිසා පෙනී යන්නේ වෙනත් උපක්‍රමයක් භාවිතා කරන ආකාරය බවද ගොඩහේවා මහතා සඳහන් කළේය.
මාධ්‍යවේදීන් විසින් කළ විමසීමකදී ඒ මහතා මෙම ප්‍රතිචාර දැක්වීය.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ