ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලය හොබවන බදුල්ල මහනගර සභාවේ අයවැය තුන්වන වරටද පරාජයට පත්ව ඇත.
පාලක පක්ෂයට සහාය ලබා දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමන් සමග ඇති කරගත් එකගතා කඩ කොට ඇති බව පවසමින් එක්සත් ජාතික පක්ෂය සමග එක්ව අයවැය පරාජයට පත් කිරීමට පියවර ගෙන ඇත.
මෙහිදී දෙපාර්ශ්වය අතර ඇතිව ඇති ගිවිසුම වන්නේ වසර 2කට පසු නගරාධිපති ධූරය ශ්‍රීලනිපය වෙත ලබා දීමය.
නමුත් විවිධ හේතු දක්වමින් එය කඩකිරීම හේතුකොටගෙන අයවැය පරාජයට පත්කිරීමට ශ්‍රීලනිපය කටයුතු කොට ඇත.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි