බදුල්ල මහ රෝහලේ සේවය කරන 15දෙනෙකු නිරෝධායනයට යොමු කර තිබෙනවා.
එම රෝහලේ සේවය කරන හෙද නිලධාරිනියකගේ සැමියාට කොවඩ් ආසාදානය වී ඇති බවයි බදුල්ල හාලිඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කළේ.
එම හෙද නිලධාරිනිය විසින් පසුගිය ඇය සේවය කරන වාට්ටුවේ කාර්ය මණ්ඩලයේ 15දෙනෙකුට, දිනෙක මුදුන්පිටිය ප්‍රදේශයේ පැවැති මංගල උත්සවයට ආරාධනා කර තිබෙනවා.
මංගල උත්සවය පැවැති ස්ථානයේ දැරියගේ පියා ඇතුළු වරාය සේවකයන් සිව්දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බව තහවුරු වී තිබෙනවා.
එම ආසාදිතයින් බදුල්ල හිදගොඩ, හාලිඇල කන්දෙගෙදර සහ හාලිඇල කැටවල යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
ඒ අනුව ඔවුන් සියලුදෙනාගේ ආශ්‍රිතයින් සොයා නිරෝධායනයට යොමු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ආරක්ෂක අංශ සමග එක්ව මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්