බදු නියෝග පහළොවක් සහ ආනයන අපනයන රෙගුලාසි කිහිපයක් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට හෙට (21) ඉදිරිපත් කෙරේ.
මේ අතර කොවිඩ් අවදානම හේතුවෙන් පාර්ලිමේන්තුව හෙට (21) සහ අනිද්දා (22) පමණක් රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
මේ අනුව සුරාබදු ආඥා පනත යටතේ නිවේදනයක්ද වරාය සහ ගුවන්තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝග පහක් ද විශේෂ වෙළද භාණ්ඩ බදු පනත යටතේ නියෝග හයක්ද විදේශ විනිමය පනත යටතේ නියෝග තුනක්ද විදේශ විනිමය පනත යටතේ නියමයක් සහ ආනයන සහ අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි කිහිපයක්ද විවාදයට ගෙන හෙට (21) අනුමත කරගැනීමට නියමිතය.
මෙම විවාදය පෙරවරු 11.00සිට පස්වරු 4:30 දක්වා පැවැත්වීමට නියමිතය.
පාර්ලිමේන්තුව හෙට (21) උදේ 10.00ට රැස්වන අතර පෙ.ව 11.00 දක්වාවූ කාලය මන්ත්රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සදහා වෙන් කරනු ලැබ ඇත.
සභාව කල්තබන අවස්ථාවේ ප්රශ්න සදහා පස්වරු 4.30 සිට පස්වරු 4.50 දක්වා වූ කාලය වෙන්කර ඇති අතර ආණ්ඩු පක්ෂය ගෙන එන යෝජනාවක් අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පස්වරු 4.50 සිට 5.30 දක්වා පැවැත්වීමට නියමිතය.
මේ අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියැවීම) සහ වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ නියෝග පාර්ලිමේන්තුවේදී අනිද්දා (22) විවාදයට ගැනීමෙන් අනතුරුව සම්මත කරගැනීමට නියමිතය.
ඉන් අනතුරුව සභාව කල්තබන අවස්ථාවේ ප්රශ්න සදහා ප.ව 4.30 සිට ප.ව 4.50 කාලය වෙන්කර ඇති අතර විපක්ෂය ගෙන එන යෝජනාව අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පස්වරු 4.50සිට පස්වරු 5.30 දක්වා පැවැත්වෙනු ඇත.
මේ අතර මන්ත්රීවරුන්ට ප්රශ්න විමසීම සඳහා වෙනම දිනයක් වෙන් කිරීමටද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. මේ අනුව එම රැස්වීම ඔක්තෝබර් 04 වන සදුදා දින පැවැත්වෙනු ඇත.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්