ඊයේ (08) පස්වරුවේ හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටි කාන්තාවක් බන්ධනාගාර සිවිලිම කඩාගෙන පළාගොස් තිබු අතර පැනගිය කාන්තා රැඳවිය යළි අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ රැඳවිය හොරණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලීසිය පවසයි.
මෙම කාන්තාව කළුතර පමුණුගම ප්‍රදේශයේදී පසුගියදා හෙරොයින් මිලිග්‍රෑම් 1300ක් සමග කළුතර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු බන්ධනාගාර ගත කර තිබේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ