බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා ස්ථාපිත කෙරෙන විශේෂ කණ්ඩායමට හිටපු යුද හමුදා නිලධාරීන් අනුයුක්ත කිරීමට සැළසුම් කර තිබෙනවා.
බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ 200 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මේ සඳහා අනියුක්ත කිරීමට සැලසුම් කර ඇති බවයි.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම පියවර ගන්නා බවයි උපුල්දෙණිය මහතා කියාසිටියේ.
ඒ සඳහා ආරක්ෂක ලේකම්වරයාගේ අනුමැතියද හිමිවී ඇති බවයි ඔහු කියාසිටියේ.
මෙම පිරිස බන්ධනාගාර බුද්ධි ඒකකයට අනුයුක්තව බන්ධනාගාර ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලැබීමට නියමිතයි.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි